මට
නම් හැම හුස්මක් පිටුපසම ශුද්ධවර වැලන්ටයින් ය. හැම හුස්ම පොදක්ම දිව්‍යමය පේ‍්‍රමයේ
සෞම්‍ය සුළං දහරක් ය. සෑම නිමේෂයක්ම ශුද්ධවර වැලන්ටයින් හස්තයෙන් ආසිරි ගැන්වී
ඇතුවාක් මෙනි. හැම දවසක්ම පේ‍්‍රමයේ නිමැවුමකි. සැබවින්ම එය එසේ වන්නේ ජීවිතය යනු
පේ‍්‍රමයේ ඓශ්චර්යයක් යැයි මා අදහන නිසා මිස සැබවින්ම ලෝකය නිරන්තරයෙන් නොමසුරුව
පේ‍්‍රමය පුද දෙන්නට ම සැදී පැහැදී සිටිනා නිසා නම් නොවේ. ‘‘ආදරය යනු ක‍්‍රියාවක් මිස ප‍්‍රතික‍්‍රියාවක්
නොවේ’’ ය
යන්න මා හද ගැඹුරින්ම පිළිගන්නා ජීවන සත්තාවකි.
හැම
දවසක්ම ආදරවන්ත විය යුතු යැයි අදහනා බැවින්ම ශුද්ධවර වැලන්ටයින් නාමයට නාමමාත‍්‍රිකව
වෙන් වුණු නවම් මහේ දාහතරවෙනිදාවෙහි කිසිදු විශේෂත්වයක් කිසි දවසක මට දැනී නැත.
නමුත්
මේ ආදරවන්ත දාහතරවෙනිදාවේ මා උන්නේ සැබවින්ම පේ‍්‍රමණීය ආදරවන්ත යුවළකගේ ඇල්ම
බැල්ම රිසි සේ රස විඳිමිනි. රෝසම්මාගේ රෝස මල් නිවහනේ රෝස සුවඳැති ස්නේහ වැස්සේ
නැහැවෙමිනි. ඈ මගේ ළබැඳි මිතුරියකගේ මව ය. ලොවෙහිම දරුවන්ට මවක් විය හැකි තරමට
විසල් හදවතක් ඇති දිරිය කතකි.
ඇය
ඇනා රෝස් මායාදුන්න ය. අසූ හැවිරිදි ය.
ඔහු
තෝමස් සිංඤා් අප්පුහාමි ය. අසූ දෙහැවිරිදි ය.
ඇය
සහ ඔහු දෙවි සමිඳුන් අබියස පේ‍්‍රමයේ ගිවිසුමින් බැඳී,
එක වහලක්
යට කූඩු වී මේ වන විට පණස්තුන් වසරකි. දරුවන් සයදෙනෙකි. ‘‘මගේ දරුවො දේව දූතයො වගේ’’
රෝසම්මා
දරුවන් ගැන නිහතමානී සාඩම්බරයෙන් පවසන්නේ එලෙසිනි. ‘‘මං වින්ද දුක් කන්දරාවෙ හැටියට මගේ අවසන්
කාලෙ මේ වගේ සැප සම්පත් ලැබෙයි කියල හිතුවෙ නෑ රත්තරනේ.. මේ හැමදේම මගෙ දරුවො
නිසා..’’ ඈ නෙතඟ කඳුලක් පිසින්නී ය.
‘‘මයෙ රත්තරන් පුතේ.. මං මේ කියන කාරණේ කනට ගත්තොත් මගෙ
පුතාට කවදාවත් වරදින්නෙ නෑ.’’ ඈ පවසන්නේ මට ය. ඉමහත් ස්නේහයෙනි.
‘‘ අද වනතුරා මේ මනුස්සයා මට අතක් උස්සල නෑ. නිය පිටින්
පාරක් ගහල නෑ. එහෙම වුණේ මගේ රත්තරන් අම්ම
හින්ද. මං දීග යන්න කළින් අම්ම මට දැනමුතුකං දුන්නෙ මෙහෙම. නැන්දම්මා කියන්නෙ උඹේ
මනුස්සයගෙ අම්ම. ඒ අම්ම නැත්නං උඹේ මනුස්සයත් නෑ. ඒ හින්ද නැන්දම්මා එක්ක එකට එක
කියාගෙන යන්න එපා. නැන්දම්මට විරුද්ධව මනුස්සයට ගතු කේලම් කියන්න එපා. ජේසු
සුවාමිදරුවො ඉස්ඉස්සිල්ලම පල්ලියට වඩාගෙන ගිය වෙලාවෙ සීමොන් දිවැසිවරයා මරියතුමීට
කිව්වා ඔබේ හදවත කඩුවකින් අනිනවා වගේ තුවාල වෙනු ඇත කියල. කසාද බැන්දයින් පස්සෙ
මිනිහ උඹේ පැත්ත අරන් අම්මට දොස් කිව්වොත් ඒ අම්මගෙ හිත පෑරෙන්නෙත් අන්න ඒ වගේ. ඒක
අමතක කරන්න එපා දුවේ...කියල....
ඉතින්
පුතේ කවදාවත් කිසිම ප‍්‍රශ්නයක් වෙලා නෑ අපි අතර. අපේ මනුස්සයගෙ පවුලෙ පිරිමිම
තුන්දෙනයි. අපි නෑනල තුන්දෙනා නැන්දම්මා එක්ක එක වහළක් යට උන්නා අවුරුදු ගානක්. උඹ
බං බොලන් කියාගෙනවත් නෑ....’’ අතීතය මෙනෙහි කරන රෝසම්මාගේ දෑස්
දිදුළයි.
රෝසම්මාගේ
රෝස නිම්නයේ කතා ගොන්නට නිමාවක් නම් නැත. අසා ඉන්නට ඉන්නට ආශාවක්ම මිස එපා වීමක් ද
නැත. විටින් විට එබෙන ඇගේ ස්වාමියාගේ කවට වදන් ද ඔවුන්ගේ නිම් නොවන ස්නේහයේ
නිම්නාද නඟන ගීතයක් බඳු ය. සැණෙකින් සියල්ල අමතක වන සිය ස්වාමියා දරුවකු සේ මහත්
ආදරයෙන් රැක බලා ගන්නී රෝසම්මා ය. වෙලාවට කෑම බීම, බෙහෙත් වේල ළං කර දීම,
නාන්නට ළිඳ
ළඟට කැන්දන් යාම, තේ බිවූ බව අමතක වන බැවින් නිතර නිතර ඔහුගේ නෝක්කඩු
ඉල්ලීමට කන්දෙමින් සීනි නැති තේ සදා දීම, සීනි බෝතලය ඔහු අතට අසු නොවන සේ විටින්
විට, තැනින්
තැන සැඟවීම ඇගේ දෛනික රාජකාරි ය. බලා සිටින්නට ලෝබ ය. එතරම්ම ස්නේහවන්ත ය.
‘‘මං දෙයියන්ගෙන් ඉල්ලන්නෙ දුවේ.. මගේ ඇස් දෙක පියවෙන්න
කළින් මගෙ මනුස්සයගෙ ඇස් දෙක පියවෙන්න ඕන
කියලයි. මං තරම් ආදර කරුණාවෙන් සැලකිල්ලෙන් ඔය මනුස්සයව රැක බලා ගන්න දරුවන්ට බෑ.
බෑ කියන්නෙ වෙලාවක් නෑ....’’ ඇසග දිලිසෙන කඳුලක් ඇතිව ඈ පවසන්නී
ය.
‘‘දැන් ඉතින් හැමදේම ඩේට් එකටනෙ දුවේ. ආදර කරුණාව කියන්නෙ
දවසක වැඩක් නෙමෙයිනෙ. ජීවිත කාලෙම පවතින්න
ඕන දෙයක්. මේක නම් මහ විපරීත කාලයක්.. ගෑණු මිනිස්සුන්ට ඉවසීම නෑ. දෙයියො
බුදුන් ගැන ගෞරව භක්තියක් නෑ. පවුල් පන්සල් උණාම
ඕනැම දුකක් විඳ දරාගෙන ඉස්සරහට යන්න හිතේ හයිය තියෙන්න ඕන. ඒකට දෙයියන්ගෙ පිහිට ඉල්ලන්න ඕන. නිතරෝම. මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ
හිතේ හයියයි, ආගම දහමට තියෙන භක්තියයි හින්දා නෝනො..’’
අසූ
හැවිරිදි රෝසම්මා වැලන්ටයින් දිනය ගැන සිය මතය පළ කලේ එලෙසිනි. ඉදින් මේ අරුම පුදුම
ස්නේහ මන්දිරයේ ඓශ්චර්යය අසමින් දකිමින් විඳිමින් මෙදා ආදරවන්තයන්ගේ දිනය ගත විය.
සැබවින්ම එය ආදරවන්තයින්ගේ දිනයක්ම විය. පේ‍්‍රමය ගැන අප ලියන කව් ගී දහසක් පරදන
සැබෑ පේ‍්‍රමයක් ඔවුන් සතුව ඇතැයි සිතිය නොහැකි ද?
2014 මාර්තු
No comments:
Post a Comment