රන් කෙන්ඳෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා
දෑතට බැඳි ලණු දෙපොටයි දෑතින් ගන්නේ
මාල අරුංගල් දෙකණේ තෝඩු ලෙළෙන්නේ
රෑන කිතුල් මල් වරළයි සුළෙඟ දුවන්නේ
ජීවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ
අහස උසට ආශාවේ ඉහළට යන්නේ
අහසට ගිය අය සේරම පොළවට එන්නේ
උඩ ගිය අය හති අල්ලා බිමට වැටෙන්නේ
බාලලියන් රන් ඔන්චිල්ලාව පදින්නේ
රන් ඔන්චිලි චිල්ල මලේ දුකට හඬනවා
රන් ඔන්චිලි චිල්ල මලේ කඳුළු පිරෙනවා
කඩන්න බැරි කටු අකුලක මලක් පිපෙනවා
රන් ඔන්චිල්ලාවේ ගොස් එමල නෙළනවා...
ගායනය :- ඇන්ජලින් ගුණතිලක
පද රචනය :- ධර්මසිරි ගමගේ
තනු නිර්මාණය :-
පේ‍්‍රමසිරි කේමදාස
කඩන්න බැරි කටු අකුල්වල පිපෙන මල් නෙළන්නට රන්
ඔන්චිල්ලාම අවැසිද? රන්
ඔන්චිල්ලා නැතැයි තැවෙමින් හිඳීම ජීවිතයේ පරාජය භාර ගැනීමක් නොවේද?
නව යොවුන් සිත්වල අහස උසට ආශා පොදි ගැසීම සාමාන්‍ය ය. නමුත්
ඒ ආශාවන් කොතෙක් දුරට ජීවිතයට අවැසිද? ජීවිතය
දිනවන්නේද යන්න අප සිතා බැලිය යුතුය. ආත්මාර්ථයෙන් තොර වූ තමන් මෙන්ම සමාජය, පරිසරය, විශ්වයම කේන්ද්‍ර කර ගත් සිහින දැකිය හැකි
නම් කොතරම් අගනේද? එය
තමන්ගේත් අන්‍යයන්ගේත් හිත සුව පිණිසම වනු ඇත.
අප හැමටම සිහින ඇත. බලාපොරොත්තු ඇත. අරමුණු ඇත. ඉලක්ක
ඇත. එය හොඳය. ජීවිතය ඉදිරියට යන්නේ එවිටය. සිහින දකින තරමටම ඒවා ඉටු වන්නේ ද නැත.
සිහින ලූහු බැඳ යන්නේ නම් කැඩෙන, බිඳෙන
හීනවල සුන්බුන් ද බාර ගන්නට හැකියාව තිබිය යුතුමය. මෑත කාලයේ සිය දිවි නසා ගන්නාවූ, අන් ජීවිත බිලි ගන්නාවූ, අපරාධ දූෂණවලට පවා යොමු වන්නාවූ නව යෞවන යෞවනියන්
ගැන කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ. සිහින බිඳ වැටීම දරා ගන්නට ඇති නොහැකියාවද, තමන්ට තරම් නොවන සිහින පසුපස හඹා යාමේ
නොඉවසිල්ලද, අතෘප්තිකර
ආශාවන්ද මේ ජීවිත ව්‍යසනයන්ට හේතු වන්නේ නොවේද?
ජීවිතයේ අරමුණු ඉලක්ක සපුරා ගන්නට නම් ඒ වෙනුවෙන්
කැපවීමට ධෛර්යයක් තිබිය යුතුය. නොබිඳෙන දිරියක්, නොසිඳෙන අධිෂ්ඨානයක් තිබිය යුතුය. කඩන්න
බැරි කටු අකුල්වල පිපෙන මල් වුව නෙළන්නට රන් ඔන්චිල්ලා වන්නේ ඒ ධෛර්යය. අධිෂ්ඨානය
ය. ජීවිතාවබෝධය ය. ආත්ම විශ්වාසය සහ ජීවිතයට ඇති ආදරය ය. එවැනි රන් ඔන්චිල්ලාවක්ම
වේවා ඔබේ නව යොවුන් දිවිය ඉත සිතින් පතමි.
2013 අගෝස්තු
No comments:
Post a Comment