හරි ලස්සන කහ පාටට
උදේ පිපුනු ගංසූරිය මල්
හැන්දෑ වෙන්න වෙන්න තද රතු වෙනවා
බමන මතින් ගෙට ඇදෙනා
අප්පච්චිගෙ රත ඇවිළෙන ඇස් දෙක සිහිවෙනවා....
සිදාදියේ ඉස්කෝලෙට යන්න ඕන නෑ
අතට කරට මාල වළලූ නැතුවට කම් නෑ
අප්පච්චී හිනා වෙලා
හිතින් මැකී ගිය සෙනෙහස ගෙනාවොත් ඇතී...
උසුළු විසුළු යාළුවන්ගෙ හිත රිද්දනවා
හිතේ බයට පොතේ අකුරු අමතක වෙනවා
ගෙපැලේ ගිනි ඉවර වෙලා
එකට හිනාවෙන දවසක් ආවොතින් ඇතී...
ගී පද - සුගත් සෝමවීර
ගී තනු - සුනිල් දයානන්ද කෝනාර
ගී හඩ - දුලනි මදුමංජරී දිසානායක
‘‘ පාසල වෙත පා ඔසවන ළපටි පා පොඩිවලට පන්නරය දෙන්නට ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආදරණීය පවුලක්, ආදරවන්ත ගුරු මෑණිවරු පියවරු හිඳිනා විදු පියසක්, ආදරය රැකවරණය ඇගයීම තුළ දරුවන් පුරවැසියන් කරන යහපත් සමාජයක්... අද දවසේ අපතින් ඉටු විය යුතු අතිශය වැදගත් කාර්යභාරය එයයි.‘‘
No comments:
Post a Comment