January 11, 2015

‘‘අනිත් කොන” අරන් එන උතුරුකර ඛේදාන්ත


by Katie m. Berggren

‘‘... රංගම්මා 42 හැවිරිදි වියේ  පසු වේ. කළින් දරුවන් හත් දෙනෙකු ලැබී ඇත. 

‘‘පවුල් සැලසුම් ක‍්‍රමයක් ගැන දන්නෙම නැද්ද අම්මා.. බලන්න ඔයාගෙ වයස, ඔයාගෙ හිමොග්ලොබින් හොඳටම අඩුයි.” ඒ වෙලාවට නම් එන්නේ කේන්තියකි. 

‘‘ළමයි හත්දෙනෙක් ලැබුණට නෝනා දැන් ඉන්නෙ එක ළමයයි.” 

‘‘ඇයි ඉතිරි ළමයින්ට මොකද වුණේ”

‘‘හතර දෙනෙක් යුද්දෙදි නැතිවුණා. දෙන්නෙක් සුනාමිවලින් නැති වුණා.”

ඇස්වලින් කඳුලූ කැට කම්මුල් දිගේ බේරෙද්දී ඈ පවසයි....’’

‘අනිත් කොන‘ කෘතිය 21 පිටුව

පොත කියවන් යද්දි මහා කම්පනයක් හිතට දැණුනු අතිසංවේදී සිදුවීමක් මේ. මෙවන් අම්මාවරු කීදෙනෙක් නම් උතුරුකරයේ වෙසෙනවාද? අවම වශයෙන් තම දරුවන්ට සිදුවූ දෙයක් දැනගන්නට නොහැකිව, තම අහිමි වූ දරුවන් වෙනුවෙන් පහනක් දල්වන්නවත් ඉඩක් නැතිව ඒ හිත්වල මොන දුක් ගින්දරක් ඇවිළෙනවා ඇද්ද?



වෛද්‍ය බෝධිනී ආර් සමරතුංග සොයුරිය උතුරුකරයේ වෛද්‍ය සේවයේ සිය අත්දැකීම් තුළින් ලියන ලද අනිත් කොන කෘතිය පශ්චාත් යුද සමයේ උතුරුකරයේ  මිනිසුන් මුහුණ දෙන අප‍්‍රමාණ දුක් වේදනා, ගැටලූ අතරින් අල්පයක් අප වෙත අරන් එනවා. බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීම වළක්වා ගන්නට ළමා වියේදීම විවාහ කර දුන් ළමා මව්වරු, අලූත උපන් දරුවාට අන්දන්න ඇඳුමක් පවා නැතිව ළතවෙන මව්වරු, යුද්දය නිසා තම සමීපතමයන් අහිමිව තනි වූවන්, මානසික රෝගවලට ලක්වූවන්, වකුගඩු රෝගීන්, දරිද්‍රතාව විසින් රෝගී බවට පත්කළ වුන් , විවිධාකාර ප‍්‍රශ්න නිසා සියදිවි නසාගන්නවුන් මේ කෘතිය පුරාම අපට  හමුවෙනවා. 

ඒ ඇත්ත ජීවිත කතා හරිම අනුවේදනීයයි. උතුරු සන්තානයන්හි ඇවිළෙන ගින්දර තරමක් හෝ තේරුම් ගන්න මේ පොතත් යම් උපකාරයක් වේවි දකුණට... 

වෛද්‍යවරියක් ලෙස දුෂ්කර සේවා අත්දැකීමට ඉතා කැමැත්තෙන් මුහුණ දෙමින්, දෙමළ භාෂාව ඉගෙනගනිමින් දෙමල ජනතාවගේ හදවත්වලට සමීප වෙමින් ඇය සිය මෙහෙවර ඉටු කරන ආකාරයත් ප‍්‍රශංසනීයයි. ඇත්තෙන්ම උතුරු දකුණු හදවත් යා කරන්න එවැනි කැපවීමක්, ආදරයක්, ඉවසීමක් අවශ්‍යයි. මුදල් පසුපසම ලූහුබඳිමින් වෛද්‍ය වෘත්තියේ ගරුත්වය කෙලෙසී ඇති මෙවන් යුගයක උතුරු කොන වෛද්‍යවරුන්ගේ කැපවීම අගය කළ යුතුයි.  

යුද ජයග‍්‍රහණය සමඟ උතුරට වසන්තය කැන්දමින් නව යුගයක අරුණළු නැග එන බව කතුවරිය සිය පෙරවදනේ සඳහන් කළත්, එය තවමත් අත පොවන මානයේ නොවන සිහිනයක් බව පැහැදිලියි. බෝධිනී සොයුරියගේ ඒ පෞද්ගලික මතය හා එකඟ විය නොහැකි වුවත් ඇය අප හා බෙදා ගන්නා මානව ජීවිත සටහන් ගොන්න සමග ගලා එන මනුෂ්‍යත්වයේ කතන්දරයට මං කැමතියි. උතුරු මිතුරු පෑහීමට ඇය දැරූ තැත උතුම්...  

2015 ජනවාරි

3 comments:

  1. උතුරු වසන්තය නැතත් මොකෝ කතාවක් හරි අපිට තියෙනවානේ.............. අගෙයි........

    ReplyDelete
  2. බෝධිනී සොයුරිය මූණුපොතේ තැබූ සටහන......

    Bodhini R. Samaratunga Sthuthi Akka ... I luv ur write up. The articles and stories depicts the near post war experiences back in 2009. Dan mata liyuwath pala karanna bariwa hiti lipi Serama pala karanna puluwan !!! Koi tharam sanskaranaya kalaada owa !
    2 hrs · Unlike · 2

    නොලියා පසෙකලන්නට සිදු වූ අත්දැකීම් එළිදක්වන්නට තවත් අළුත් පොතක් ලියමු නංගී.

    ReplyDelete
  3. මේ පොතත් ගෙන්නගෙන කියවන එක වටිනවා කියලා හිතුනා..

    ReplyDelete