සිත අවුළුවා ලූ කවියකි. ඇස උණන සීතල කඳුලකි.
වරදකාරී හැඟුමකින් හදවත රිදුම් දේ.
නිලාර් එම් කාසිම් සිංහල බසට නඟන ලද ‘සහෝදර පියාපත්’ කාව්‍ය එකතුවේ
එන සෝලෙයික්කිලි කවියාගේ අතිශය සංවේදී කවියකි මේ. අනාථ කවියා අමතන්නේ සඳට යි.
නමුත් ඒ ඇමතුම මනුෂ්‍යත්වය අවදි කරනු පිණිස අපේ හදවත් ස්පර්ශ කරනු නිසැකයි.
ස්වකීයයන් අහිමි වීම, තම ගම්බිම්
අහිමි වීම, ජීවන මාර්ග
අහිමි වීම, සැකයේ
අවිශ්වාසයේ, පීඩනයේ ගොදුරු
බවට පත්වීම, තමන්ගේම
භූමියේ අවතැන් වීම අනාථ වීම, අන්‍ය බිමකට පිටුවහල් වීම අප අරුත් ගන්වන්නේ
කෙසේද? එය අපට
ආගන්තුක අත්දැකීමක් විය හැකිය. එනිසාම එහි බරපතළකම අපට නොදැනෙනු විය හැකිය.
මේ කවිය ඉවසිල්ලේ, නැවතිල්ලේ
කියවා බලන්න. ඒ වචනවලට ඔබේ ආත්මයට කතා කිරීමට ඉඩහරින්න. උතුරුකරයේ සීත සුළඟ දැවී
ගියේ එක් කවියකුගේ සුසුමකින් පමණක් ම නොවේ. ඒ සුසුම් ගින්දරට නිවීමක් තවමත් පේන
මානයේ නොවේ.
බල අරගල නිසා ලොව පුරා අවතැන් වන සුවහසක්
මිනිසුන්ගේ ආත්මීය විලාපය මේ කව් පද අතර අපට හමුනොවන්නේද?
සඳ සකිය ඉදින් අද ගීයකුදු නොලියමි
තාවකාලික ගෙයක
මටම යැයි අයිති වූ සාලයක්වත් නොමැත
සිතූ සේ මලක් සිඳ
මල් සුවඳ විඳගන්න
උරුම වූ ගසක් නැත....
නුඹ පවා මට ආගන්තුකය අද,
සකිසඳ
මගේ දොරකඩ වැටෙන
නුඹෙ එළිය මෙන් නොවේ....
මෙබඳු ආගන්තුක ගෙයක
දොරකඩක වැටෙන මේ එළිය....
නුඹේම එළි දෙබිඩියැයි මට සිතෙයා..
නපුරු සිතුවිලිවලින්
මසිත දූෂණය වෙයි..
තුන් දොහක සිට ම මා අනාථයි
මේ කටුක දිවිමඟත්
එහි උනන කවි ගඟත්
සුරැක ජය ලැබූවෙමි...
මගේ ගෙය දුටු එවුන් පවසන්නෙ
එහි මුහුණු පහුරු ගා බිඳ දමා ඇති බවයි...
ආදරෙන් හැදු වැඩු මල් පැළත්
ගවයන්ගෙ බඩවැලේ රැඳී කැලතී පසුව
පහවෙලා ගිය වගයි....
මෙහි උරුම වූ අහසක් නොමැත..
උරා බොන සුළඟ වුව
අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි
කොහොම මා ලියන්නද ගීතයක්
තරු අනූදාහකුත්, නුඹත්, අහසත්
අහිමි වූ විටෙක මට....?
මගේ සමනළ රැළ ද
ඇඳ ඉහත්තාවේ හූනන්ද
අහිමි වූ විටෙක ?
වළාකුල රැගෙන නුඹ වසාගනු මැනව
මුළු මුව ම..
කවියෙකුගෙ සුසුමකින්
සීත සුළඟත් දැවී යනු ඇත....
මුලින් ම කියන්න කැමතියි තරූ...............
ReplyDeleteලස්සන පදවැලක්.... අගේ අැති නිසදැසක්..................
අනික් දේ තමයි.. සින්ඩි වලින් ඒද්දි අවුලක් තියෙනවා... ටිකක් බලන්න...