සාරාගෙ අක්කගෙ නම
හෂිනි නිෂාධි... සාරාගෙ නම හෂිනි නිෂාධි සාරා.. දැන් ඔයාල හිතයි ඇයි අක්කගෙ නම ම
නංගිටත් දාල තියෙන්නෙ කියල. ඒක හරිම දුක හිතෙන කතාවක්.
හෂිනි ඒ කියන්නෙ
සාරාගෙ අක්කා අවුරුදු නවය වෙද්දි අසනීප වෙන්න ගත්තා. වෛද්‍යවරු කිව්වෙ මොලේ
ගෙඩියක් කියල. ඔපරේෂන් එකක් කරන්නත් බැරි සියුම් තැනකලූ ගෙඩිය පිහිටල තියෙන්නෙ.
හෂිනිගෙ අම්මයි තාත්තයි ලංකාවෙ ඉන්න හොඳම වෛද්‍යවරුන්ට ඇයව පෙන්නුවා. ඉන්දියාවෙත්
අරන් ගියා. ඒත් අවුරුදු දහය පිරෙන්නත් කළින් 2007 අවුරුද්දෙ බක් මාසෙ
හෂිනි සදහටම මේ ලෝකෙන් සමුගත්තා. ගෙදර හිටි එකම දියණිය අහිමි වුණාට පස්සෙ අම්මයි, තාත්තයි තීරණය
කළා ආයෙම පුංචි දුවෙකුට උපත දෙන්න. ඒ තමයි සාරා... සාරාට අක්කගෙ නම උරුම වුණේ
අහිමි වුණ අක්ක ගැන මතකය හැමදාම ජීවත් වෙන්නයි... සාරාට අවුරුද්දක් පිරෙන්නත්
කළින් ඇගේ තාත්තා ජීවිතය හැර ගියා. ජීවිතය
තණ අග පිනි බින්දුවක් වගේ කියල කියන්නෙ ඒ නිසානෙ...
මට කියන්න ඕන කතාව වෙනස් එකක්.
ඔන්න හෂිනි අසනීපෙන් ඉද්දි
වැඩිපුරම හිටියෙ කොළඹ ඉස්පිරිතාලෙ. සාරාගෙ මංඥම්මා වැඩ කරන්නෙත් කොළඹනෙ. ඉතින්
ඇයත් ගියා නිෂාධිව බලන්න. යන්න කළින් ඇය දහඅතේ කල්පනා කළා. මොනවද ඇයට ගෙනියන්නෙ
කියල. එයාට කිසිදේකින් අඩුවක් නැහැ. හෂිනිව සතුටින් තියන්න පුලූවන්, කවුරුත්ම
ගෙනියන්නෙ නැති දෙයක් ගැනයි ඈ කල්පනා කළේ. ඒ වෙලාවෙ තමයි ඇයට කතන්දර පොත් මතක්
වුණේ. ඉතින් මංඥම්මා ලස්සන පින්තූර තියෙන කතන්දර පොත් කිහිපයක් තමයි මුල්ම දවසෙ
අරන් ගියේ....
පොත් අරන් ගියා විතරක්
නෙවෙයි. හෂිනිට අහන් ඉන්න රස කර කර කතන්දර කියෙව්වා. ඇය ඒ වැඬේට කොයි තරම් ආස
වුණාද කියනවනම් ඉන්පස්සෙ ඇගේ අම්මටත්
බේරිල්ලක් නැති වුනා. නිතරම කතන්දර කියවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ඇයගේ
රෝහල් කාමරය පිරෙන්න කතන්දර පොත් ලැබෙන්න ගත්තා. පුංචි හෂිනි ඇගේ ජීවිතේ අවසන්
කාලෙ ඒ කතන්දරත් එක්ක සතුටින් ජීවත් වුණා.
කොයි තරම් බෙහෙත්
බොන්න වුණත්, බෙහෙත්
විද්දත් ඇය ඒව ගණන් ගත්තෙ නැහැ. රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ඇගේ අවසන් මොහොතෙදි පවා
කතන්දර පොත් ගෙනත් දුන්න මංඥම්මව ඇය ඇඳුන ගත්තා. ඇගේ ඇස් විසල් වුණා. අතක්
හෙලවුණා. එයින් පැය කිහිපයකට පස්සෙ ඇය සදහටම මෙලොවින් සමුගත්තා.
හෂිනි දූගෙ ජීවිතේ
දුෂ්කරම කාලෙ ළඟින් උන්නු නිසාත්, ඇයව සතුටින් තියන්න මහන්සි වුණ නිසාත් තමයි
සාරාගෙ තාත්තා හිතුවෙ ඇයගෙ මංඥම්මා වෙන්න චූටි මිමීගෙ මම්මා හොඳයි කියල...
දැන් ඉතින් ඒ කතන්දර
පොත් ගොන්නෙ හිමිකාරි පුංචි සාරා.
‘‘දරුවන්ව සතුටින් තියන්න නම් දරුවන්ගෙ හිත් කියවන්න පුලූවන් වෙන්න ඕන. එහෙම වෙන්න නම් අපේ හිතත් දරුවෙකුගෙ හිතක් වගේ සැහැල්ලූ වෙන්න ඕන. නිර්මල වෙන්න ඕන. දරුවෙකුට වැඩියෙන්ම ඕන කරන්නෙ මොනවද කියල හිතන්න පුලූවන් වෙන්නෙ අපිත් දරුවෙකුගෙ මට්ටමට බැහැල කල්පනා කළාම විතරයි..
ඒ වගේම දරුවන්ගේ ලෝකය
ලස්සන කරන්න ඕන වෙන්නෙ මුදල් කන්දරාවක්, යසඉසුරු සම්භාරයක් නෙවෙයි.. ආදරයෙන් ඒ
පුංචි හිත් තේරුම් අරන් අපි කරන පුංචි පුංචි දේවල් දරුවන්ට ජීවත් වීම අති සුන්දර අත්දැකීමක්
බවට පත් කරාවි...”
සිඟිති සුරංගනාවි ඇගේ
දිනපොතේ එහෙම ලියල තියෙනවා...
2014 ජූනි
2014 ජූනි
No comments:
Post a Comment