හමුවිය ඔහු මට
අඳුරු වැහිබර සැඳෑවක
දෙව් මැදුරු දොර අබියස
ඒ දේශද්‍රෝහී මිනිසා...
පාළුකරයේ සිට
පීඩිතයින්ට යුක්තිය ඉල්ලා
මොර ගැසූ මිනිසා...
සැප දුක කෙලෙසදැයි
විමසනු ඉතින් කුමකට
වුවනත ම ගුප්ත කවියකි
පිලාත්තු අධිකරණයෙහි
ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි
භයංකර ශෝකාලාපය ලියැවුණ...
ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී
අත ගා බලා සොයා පහදා හදවත
දිග හරියි ඔහු මා අබියස....
zzසත්‍යය නම් මෙයයි
අතැඹුලක් සේ රුවා අත්ලෙහි
භයංකර උකුසු ඇස් විදාගෙන
ඔවුහු මා විමසූහ...
ඉදින් සැබවින්ම සත්‍ය යැයි
මා ඇදහූ සත්‍යය
උකුසු නිය පහරට හසුව
පෑරී ඉරී වැහැරී
මියැදෙන අයුරු දුටුයෙමි
මුනිවත ද ගොළු විය එසැණෙහි..
උස් අසුන් අරා වැජඹෙන
පිලාත් උතුමෝ
සෝදා දෑත
පිසදා ධවල පිළියෙන්
මා ඇමතූහ..
z... පැවසිය හැකිය
ඔබට
දෙවියන් ගැන
දෙවියන්ගෙ ආදරය ගැන
දේව රාජ්‍යය ගැන...
නමුත්
කිසිවිටක නොපැවසිය යුතුය
මිනිසුන් ගැන
මිනිසුන්ගෙ පීඩනය ගැන
මිනිස් රාජ්‍යය ගැන...‘
අගුළු ලා මුවට
ගසා දේශද්‍රෝහී ලේබලය
ඔවුහු මා මුදා හැරියහ..”
ඉනික්බිති, සුසුමකි...
දේව¥තයන් පවා
විපිළිසර මොහොතක
දෑසින් දෑස විමසා
හදින් හද නොවිමසා
ගොළු වීමු අපි....
ප‍්‍රවේසම් විය යුතු නොවෙද
දේශපේ‍්‍රමීන් හැමතැනම...
වමත් අවි අමෝරා ගැනෙති. අවි ගැටෙති. උණ්ඩයට බිලිවෙති. චෝදනා, ඇණුම් බැනුම්, තර්ක විතර්ක
හිගයක් නැත. හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත මෙකී නොකී බොහෝ අණපණත් මුවාවෙන් මිනිස්සු
සිරභාරයට පත් කෙරෙති. පීඩාවට පත් කෙරෙති. ජාති, ආගම්, පක්ෂ භේද
මවමින් තව තවත් මිනිසුන් වෙතින් මනුෂ්‍යත්වය දුරු කෙරෙන තැනට වැඩ සිද්ධ වෙමින්
පවතී. යුද්ධය නිම වී යැයි උදම් ඇනුව ද සාමය කොතරම් අප වෙතින් දුරස්දැයි යන්නට
නිදසුන් මෑත ඉතිහාසය තුළම වුව කොතරම් ද?
සාමය හුදු වචනයක් පමණම නම් උතුරු මිතුරු යන්න සිහිනයක් ම පමණක් ද? නමුත් සාමය ඇති කරන්නෝ භාග්‍යවන්ත වන බව ද, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වන බව ද කිසිවිටක අප අමතක කළ යුතු නැත.
2014 ජුනි




